2025 විභාගයට Admission ගන්නවා නම්..

පලවෙනි කාරණාව තමයි ඔය ගොල්ලෝ 2025 විභාගයට Admission ගන්නවා නම්

අනිවාර්යයෙන්ම ඔයාලා Target කරන්න 200න් 200 ම ගන්නවා කියලා.මොකද මං මෙහෙම කියන්නේ 2024 ට සාපේක්ෂව 2025 Exam එකේදී ලොකු තරගකාරීත්වයක් තියෙයි.

ගොඩක් අය Admission ගනී 2024 ට සාපේක්ෂව .ඔයා මොන අංශයෙන් Exam එකට Apply කරත් ඔයා අනිවාර්යයෙන්ම මතක තියාගන්න මම කොහොමහරි ලකුණු 200/200 ම Target කරලා 200/200 ම Exam එකේදී ගන්නව කියලා,

මොකද එහෙම කියන්නෙ CBD එකේදී ලකුණු 5ක් 10 කින් ෆේල් වුන කෙනෙක් 2025 Exam එකට Apply කරනවා.ඉතින්,ඒ අය මේ වෙනකොට හොදට පාඩම් කරලා හොද ස්ථාවර මට්ටමක ඉන්නවා.

ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට කියන්නේ අලුතින් Exam එකට Apply කරන අය 2024 නැතුව 2025 අලුතින්ම Exam එකට Apply කරන අයට මම මේ කියන්නේ ඔයාලා අනිවාර්යයෙන්ම හොදට අලුත් සිලබස් එක පාඩම් කරන්න.

ඒකේ තියෙන දේවල් පාඩම් කරන්න.ඒ මොකද 2024 හොද ලකුණු ගත්ත අයට ඇටෑක් කරන්න පුළුවන් 2025 සිලබස් එක හොදට Study කරලා ගියොත් Exam එක ඔයාලට අනිවාර්යයෙන්ම හොද Result එකකට යන්න පුළුවන් කියලා විශ්වාසයි .

දෙවෙනි කාරණාව තමයි Exam එකට ඇඩ්මිශන් ගන්නවා නම් ඔයා තෝරගන්න ඕන කැටගරි එක මේ වෙනකොටත් ඔයාලා තෝරගන්න ඇති.

ප්‍රධාන කැටගරි ටික මම කියන්නම්.

-නිශ්පාදන අංශය
-සේවා අංශය
-ඉදිකිරීම් අංශය
-ධීවර අංශය

තව ඉතින් 2025 ට අලුත් කැටගරි එන්නත් පුළුවන් .මම මේ කීවේ ප්‍රධාන කැටගරි ටික.

මේ ටිකෙන් මොකක්ද තෝරගන්නේ කියලා දැන් අදහසක් ඇති ඔයාලට.ඔයා මේ තෝරගන්න එකෙන් තමයි කොරියන් ගිහිල්ලා ඔයාට ජොබ් එක කරන්න තියෙන්නෙ.ඔයා හොදට හිතලා තෝරගන්න.

මොකද ඇඩ්මිශන් ගත්තාම ආය වෙනස් කරන්න බැරි නිසා.

03 වන කාරණාව තමයි ඔයා මේකට ආසාවක් නැත්තම් මේක කරන්න එපා.මේ Exam එක අදියර දෙකකට තියන්නෙ.CBT AND SKILL කියලා.මේ Exam එක කොටස් දෙකයි.මේ Exam දෙක ඔයා ගන්න ලකුණු තමයි ෆයිනල් කටෝෆ්මර්ක් එකට එන්නෙ.

CBT Exam එක කියන්නේ භාෂාව සම්බන්ධයෙන් පරිගණකයෙන් කරන එක තමයි මේ CBT Exam එක කියන්නෙ.

ඔයා මෙකෙන් ලකුණු 200/200 ගත්තට වැඩක් නෑ ඔයා Skill එකෙන් ෆේල් උනොත්.අනිවාර්යයෙන්ම ඔයා මේ දෙකෙන්ම පාස් වෙන්න ඕන විභාගයෙ පාස් උනා කියන්නේ.

කොරියන් ගිහිල්ලා කට්ටක් කාලා ඔයාගේ ජීවිතේ හදාගන්න හදන්නේ.ඉතින් ආසාවක් නැතුව මේක කරන්න එපා.

ඉතින් හීන කියන්නේ හීනම නෙවෙයි හැබෑ කරගන්න කට්ටක් කන්නම ඕන.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *