Inquiries

ks;r wik m%Yak

වයස අවුරුදු 18ත් 39ත් අතර පසුවන ගැහැණු පිරිමි දෙපාර්ශවයටම විභාගය සදහා ඉල්ලුම් කල හැක.

කොරියානු ජනරජයේ පිටුවහල් කල පුද්ගලයකු නොවීම

මෙරට නීතිය ඉදිරියේ වරදකරුවකු ලෙස දඩුවම් ලබා සිරගත වූවකු නොවීම.

විදේශ ගමන් බලපත්‍රයක් සතු විය යුතුය.

වර්ණ අන්ධතාවය වැනි රෝග වලින් තොර වීම සහ සාමාන්‍ය පරිදී කාර්‍යන් සිදු කිරීමට හැකි සෞඛ්‍ය සම්පන්න පුද්ගලයකු වීම.

01 ) ඔබගේ බිරිද කොරියානු දේශයට ගෙන්වා ගැනීමට වීසා ලැබීම.
02 ) ඔබේ ජිවිත කාලය පුරාවටම වසරක් පාසා විසා අලුත් කල හැකි වීම.
03 ) ඉතා ඉක්මනින් වෙනත් වීසා වර්ගයකට යෑමට සුදුස්සකු වීම.
04 ) දෙමවුපියන්ට කොරියාවේ සංචාරයක් ලබාදිය හැකිවීම.
05 ) පවුලක් ලෙස දරුවන් බිහි කරමින් ජිවත් වීමට වටපිටාව සකස් වීම.

මෙඩිකල් ගාස්තු = 8500.00

පොලිස් වාර්ථාව = 1530.00

ලියාපදිංචි ගාස්තු = 16416.00

විදේශ ගතවීමට අදාළ බඳවා ගැනීමේ ගාස්තු = 55233.000

කොරියාවේ දින 10ක් නිරෝධායනයට = 210000.00

Ticket එකට = 190000.00

PCR එකෙන් පසු නිරෝධායනයට = 7500.00

පිටත් වීමට දවස් 10කට කලින් කරන PCR එකට = 8000.00

ජයවර්ධනපුර රෝහලේ PCR එකට = 6500.00

මීට අමතරව රැගෙන යාමට අවශ්‍ය ඇඳුම් සහ අනෙකුත් දේවල් සදහා වියදම ආසන්න වශයෙන් = 50000.00

ගියාට පසු පළමු වැටුප ලැබෙන තෙක් වියදමට මුදල් = 50000.00

සියලුම වියදම් සදහා අවශ්‍ය කරන මුදල් = 603679.00

**මුදල් ඒකක අනුපාතිකය වෙනස්වීම මත සහ කොරියානු රජයේ නව නීති රෙගුලාසි මත ඉහත වියදම් වෙනස් වියහැකි බව කරුණාවෙන් සලකන්න

කොරියානු රැකියා සහ කම්කරු අමාත්‍යංශයේ නිළ දත්ත වලට අනුව, 2023දී දකුණු කොරියාවේ රැකියාවක නිරත වන සේවකයෙකුගේ අවම වැටුප පැයකට රුපියල් 3000ක පමණ අගයක් ගනී. දිනකට පැය 8ක වැඩ මුරයක් සමගින් මසකට දින 25ක් රැකියාවේ  නිරතවන්නෙකුට රුපියල් ලක්ෂ 6ක පමණ අවම වැටුපක් මසකදී ඉපයිය හැකිය. 

අතිරික්ත කාල සේවා (OT) , ප්‍රසාද දීමනා (Bonus) සහ අනෙකුත් දීමනාද එකතුව මෙම මුදල ලක්ෂ 10 දක්වා ඉහළ යා හැකිය. ඉහත අගයන් අවම ගෙවීම් පදනම යටතේ සලකා බලා ගණනය කරන ලද අතර, ආයතනික මට්ටමින් මෙම වැටුප ලක්ෂ 15 ඉක්මවූ ගෙවීමක් දක්වා වැඩි විය හැක. 

කොරියාවේ සේවය කරන්නන්ගෙන් 99% කටම අදාල සේවා ආයතනයෙන් නවාතැන්,අහාර සහ ප්‍රවහනය වැනි සියලු පහසුකම් ලබා දෙනවා. ඒ කියන්නේ ඔබ කොරියාවේ රැකියාවක නිරත වන්නෙක් නම් ඔබගේ ආදායමෙන් ඔබගේ වියදම් දරන්න අත්‍යවශ්‍ය නැහැ.

ඒ කියන්නෙ ඔබේ වැටුප සම්පූර්ණයෙන් වගේම ඉතිරි කරගන්න හැකියාවක් ඔබට ලැබෙනවා.

එහෙම නැතිව පුද්ගලික නවාතැන් ඔබම සපයාගෙන ආහාර පාන වල වියදමත් ඔබේ වියදමෙන් දැරීමට ඔබ කැමැත්තක් දක්වන්නේ නම්, ඒත් ඔබට මාසෙටම රුපියල් 100,000ක් වගේ වියදමක් පමණයි යන්නෙ 🤗 ඒ කියන්නෙ හොදට කාල බීලා හිටියත් උපරිම වියදම රුපියල් ලක්ශයක් වගේ තමයී වැය වෙන්නෙ.

ඔයා අවුරුදු 5හේම මාසික ආදායම සම්පූර්ණයෙන්ම වියදම් කරල නාස්ති කලත් අර්ථසාධක අරමුදල් එක්ක අවුරුදු 5 අවසානයේ ඔයාට කෝටියක් වගේ මුදලක් ලංකාවට අරන් එන්න පුලුවන්.

දැන් ඔයාට තේරෙනවා ඇති කොරියාවේ රැකියාවක් සදහා යන ඔයාට එහෙ ගියාම අවුරුදු 5 අවසානේ කොපමන මුදලක් ඉතිරි කරගන්න පුලුවනිද කියල 🤗

*මුදල් හුවමාරු අනුපාතිකයේ (Exchange Rate) සිදුවන වෙනස්වීම් මත ඉහත අගයන් වෙනස් වියහැකි බව කරුණාවෙන් සලකන්න.

කොරියානු විභාගය සකස් වෙන ආකාරය දැන ගැනීමට මේ මත click කරන්න

  • උනන්දුව, උවමනාව සහ කැපකිරීම අත්‍යාවශ්‍යයි

කැපවීමක්, මහන්සියක් දරන්න බැරි කෙනෙක්ට කොරියානු භාෂා දැනුම කොටල පෙවුවත් විභාගයනම් pass වෙන්න බැහැ. විභාගය අමාරුයි කියමින් නාහෙන් අඩන හැමෝම වාගේ පංතියේ උගන්වන දේ විතරයි, ආයෙ ගෙදර ගිහින් උගන්වපු දේවල් නැවත බැලීමක්වත් අලුත් දැනුම හොයන්නවත් කිසිම උවමනාවක් දක්වන්නේ නැති අය තමයි එහෙම කියන්නේ. පංතියේ උගන්වපු ටික දවස් 3ක් යද්දී මතක නැහැ එයාලට. ගොඩක් අය ආයෙත් ඊලග පංති වාරයෙදි තමයි පොත අල්ලන්නෙත්. සමහරෙක්ට එහෙම පොතකුත් නැහැ. ඉතින් එහෙම අයටනම් විභාගය හීනයක් තමයි කොහොමත්. ඒමනිසා කොරියානු භාෂාව ඉගෙනගන්නනම් ඔබේ උනන්දුව, උත්සාහය, කැපවීම අත්‍යාවශ්‍යයි.

  • විෂය නිර්දේශය

කොරියානු විභාගයට අදාල විෂය නිර්දේශය තුල ඉතා සීමිත පරාසයක් තමයි සලකා බලන්නේ. ඒ කියන්නේ කොරියානු භාෂා විභාගය වෙනුවෙන් ඔබ කොරියානු භාෂාව සම්පූර්ණයෙන් ඉගෙන ගන්න අවශ්‍ය නෑ. සිංහල භාෂාවවත් හරියට දන්නේ නැති එකේ කොරියානු භාෂාව A to Z ඉගෙන ගන්න එක කොහොමත් හරි අමාරු වැඩක්. ඒත් මේ විභාගයේදී ඉතා සුළු පරාසයක දැනුමක් විතරයි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නෙ ඔයා කොරියාවේ ජීවත් වෙද්දි දිනපතා කතා කරන්න අවශ්‍ය වෙන සරල භාෂා දැනුමක් විතරයි සලකා බලන්නේ. කොරියාවේ ප්‍රාථමික පංති වල ලමයින්ට අදාල විෂය නිර්දේශය තමයි ඔයාලට මෙලෙස ලැබෙන්නෙ. කොරියානු හෝඩියේ අකුරු හදුනා ගැනීම සහ විෂය නිර්දේෂයට අදාල ව්‍යාකරණ රටා හැසිරවීමත්, කොරියානු වචන හැකිතරම් කටපාඩම් තබා ගැනීමෙනුත් ඔබට ඉතා පහසුවෙන් විභහගය සදහා සූදානම් වෙන්න පුලුවන්. 

  • විභාගය සදහා සූදානම් වන කාලසීමාව 

මුලින්ම කියන්න ඕන අවුරුදු ගණන් මහන්සි වෙන්න තරම් අමාරු විභාගයක් නෙවෙයි මේක. ඔය අවුරුදු ගණන් පවත්වන පංති වල ප්‍රධාන අරමුණ මාසික ගාස්තු ලබා ගැනීම පමණයි. මාස ගණන් ඇද ඇද ඉගෙන ගන්න තරම් ලොකු විෂය නිර්දේශයක් මෙම විභාගයට අදාළව නම් නැහැ. හෝඩියත් එක්ක ව්‍යාකරණ රටා ටික ඉගැන්නුවානම් ළමයින්ට ඊලගට තියෙන්නෙ හැකිතරම් වචන කටපාඩම් කරගන්න එක. විභාගය කිට්ටු කරලා පහුගිය විභහග ප්‍රශ්ණ වලට උත්තර සැපයීමට පුහුණු වීම වැදගත්. ප්‍රශ්න 50කටත් අඩු පේපර් එකක හරි උත්තරය මාක් කරන්න තමා තියෙන්නෙ. ඉතින් මෙවැනි ලෙහෙසි විභහගයක් අමාරුයි කියන ගුරුවරුන්ට වගේම ඒවා අහලා මන්තරේ වගේ ඕක කියව කියව ඉන්න එවුන්ට මඩු වලිගෙකින් තමා ගහන්න ඕන.

EPS (TOPIK) EXAM එක යටතේ විභාගයට මුහුන දීලා E9 වීසා කාණ්ඩය යටතේ කොරියාවේ සේවයට යන ඔබට කොරියාවේ පුරවැසි භාවය ලබා ගැනීම දැක්වා ඔබ සම්පූර්ණ කල යුතු පියවරයන් සහ එයින් ඔබට ලැබෙන ප්‍රතිලාභ ගැන වෙන වෙනම ඔබට පැහැදිලි කරල දෙන්නයී මේ සූදානම.

01 E9 වීසා කාණ්ඩය

EPS (TOPIK) විභාගය යටතේ විභාගය සමත් වෙන ඔබට කොරියානු ජනරජයෙන් ලැබෙන පළමු වීසා කාණ්ඩය තමයී මේක.

මෙහිදී කාර්මික , කෘශිකාර්මික ,ධීවර සහ නිශ්පාදන අංශ යටතේ කොරියානු ජනරජයේ ආයාතනයකින් අවුරුදු 4යී මාසා 10ක් කාලයක් සදහා ඔබට ජොබ් වීසා ලබා දීමක් සිදු කරනවා.
ඉහත අංශ 4න් ඔබ කැමති අංශයක් යටතේ විභාගයට මුහුණ දිය හැකි අතර ඔබ විභාගයෙන් සමත් නම් අදාල අංශය යටතේ ඇති කොරියානු සමාගමක රැකියාවක් සදහා ඔබව තෝරා ගැනීමකට ලක් කරනු ලබනවා.
එසේ ඔබව තෝරා ගැනීමේ සම්පූර්ණ අයිතිය අදාල කොරියානු සමාගම සතු වන අතර ඔබට කිසිම අවස්ථාවක ඔබ කැමති සමාගමක් ඉල්ලුම් කල නොහැකිය.

මෙම ජොබ් වීසා කාණ්ඩය යටතේ ඔබට පමණක් අදාල කාලසීමව දක්වා කොරියාවේ සේවයේ නිරත විය හැකි අතර ඔබගේ වෘත්තිය සුදුසුකම් අනුව වෙනත් වෘත්තිය රැකියාවක නිරත වීමට ඔබට කිසිම අවස්ථාවක් නොමැත.

මෙම වීසා කාණ්ඩය යටතේ ඔබට ලැබෙන වරප්‍රසාද

I නුපුහුණු කම්කරුවකු ලෙස දිනකට පැය 8ක සහ සතියකට පැය 40ක සාමාන්‍ය වැඩ මුරයක් සමග ඔබගේ අව්ශ්‍යතාව මත සති අන්ත වැඩ මුර මෙන්ම රාත්‍රී වැඩ මුර සදහා යොමු විය හැකිය.

II අහාර , නවාතැන් සහ ප්‍රවාහනය වැනි අව්ශ්‍යතා බොහොමයක් ඔබට සේවය කරන ආයතනය මගින් නොමිලේ සැපයීම.

III කොරියානු භාශාව නොමිලේ ඉගනීමට අවස්තාව.

මෙම වීසා කාණ්ඩය යටතේ සිට E7-4 වීසා කාණ්ඩය වෙත මාරූ වීමට ඔබ සැපරිය යුතු සුදුසුකම්

I අවුරුදු 4ක කාල සීමාවක් නුපුහුණු ශ්‍රමිකයකු ලෙස කොරියාවේ ආයතනයක සේවය කර තිබීම ඉන් එක් සුදුසුකමකි.

II ශ්‍රමිකයින් සදහා ලබා දෙන Points (ලකුණු) 100න් 70 ඉක්වූ ලකුණු ප්‍රමානයක් ලබා ගැනී තවත් එක් සුදුසුකමකි.

Points (ලකුණු) ලැබෙන්නෙ මෙන්න මේ විදියට 👇

* ලංකාව තුලදී සම්පූර්ණ කරන ලද අධ්‍යපන මට්ටම අනුව උපරිම ලකුණු 10ක් ලබා ගත හැකිය.
@ O/L සමත් නම් = ලකුණු 05යී
@ A/L සමත් නම් = ලකුණු 10යී

* Topik හෝ Emigration Exam වල සමත් වීමේ මට්ටම අනුව උපරිම ලකුණු 30ක් ලබා ගත හැකිය.මෙම විභාගයන් දෙකෙන් ඔබ කැමති විභාගයක් ඉල්ලුම් කිරීමට අවස්තාව ලැබේ.

Topik Exam ( ලංකාවේ පවත්වන EPS ( Topik) විභාගයට බොහෝ සෙයින් සමාන වේ)

Emigration Exam ( level test exam)

මෙම විභාගයන් දෙකම මට්ටම් 6කින් සමන්චිත වන අතර ඒ ඒ මට්ටම් සදහා ලකුණු පහත පිලිවෙලින් ලබා දේ.

Complete 1 level = ලකුණු 05යී
Complete 2 level = ලකුණු 10යී
Complete 3 level = ලකුණු 15යී
Complete 4 level = ලකුණු 20යී
Complete 5 level = ලකුණු 25යී
Complete 6 level = ලකුණු 30යී

මෙම විභාග වලින් 5 වන මට්ටම දක්වා සමත් වී ඇත්නම් එය F2 වීසා කාණ්ඩය දක්වා සුදුසුකම් ලැබීමට තරම් ඉහල ලකුණු සංක්‍යාවක් කරා ගමන් කිරීමට ප්‍රමාණවත් වේ.

මෙම සියලු විභාගයන් වල විශය නිර්දේශයන් ආවරණය සදහා වන ඉගැන්වීම් කටයුතු කොරියානු රජය විසින් නොමිලේ ඔබ වෙනුවෙන් සිදු කරනු ලැබේ

ඉහත විභාගයන් සියල්ල සමත් වීමට අවුරුදු 1 1/2 කාලයක් හොදටම ප්‍රමාණවත්.

* සමාජයේ පොදු වැඩ කටයුතු වල නිරත වීම වෙනුවෙන් ලකුණු 03ක් ලබා දෙනු ලැබේ.මෙහිදී පැය 200ක කාලයක් මෙම කටයුතු වල යෙදීම වැදගත්වේ.

* forklift සහ painting වැනි සුවිශේෂී රැකියා බලපත්‍ර හිමි නම් ඒ වෙනුවෙන් ලකුණු 10 බැගින් හිමි වේ.

* රැකියාව තුල ලබන මුදල් මවු රටට නොයවා කොරියාවෙ ගිනුම් තුල ස්තීර තැන්පතු ලෙස අවුරුද්දකට වැඩි කාලයක් තබා ගන්නේ නම් ඒ සදහාද ලකුණු ලබා දෙනු ලැබේ.

30,000,000 වොන් = ලකුණු 05
50,000,000 වොන් = ලකුණු 10
60,000,000 වොන් = ලකුණු 15
100,000,000 වොන් = ලකුණු 20

* රැකියාව සිදු කරනු ලබන ප්‍රදේශය අනුව ලකුණු ලබා දීමක් සිදු කරයී.එනම් ජනගහනය අඩු ප්‍රදේශ වල ජීවත් වන්නෙ නම් වැඩි ලකුණු සංක්‍යාවක් සදහා අවස්තාව හිමි වේ.

එම ප්‍රදේශයේ ජීවත් වන කාලසීමව 👇
3 years = ලකුණු 5යී
4 years = ලකුණු 10යී
වැඩි වන සෑම අවුරුද්දකටම එක ලකුණ බැගින් හිමි වේ.

* එමෙන්ම ඔබ සේවය කරන ආයතනයේ ස්වභාවය සහ මට්ටම අනුවද ඔබට ලකුණු ලබා දීමක් සිදු කරයී.

* ඔබේ වයස අනුවද ලකුණු ලබා දේ
Age 20-30 = ලකුණු 15යී
Age 30-40 = ලකුණු 10යී

* ඔබගේ වාර්ශික ආදායම අනුවද ලකුණු ලබා දෙනු ලැබේ.

අවම වාර්ශික ආදායම වොන් 26,000,000 ඉක්මවයී නම් ඒ සදහාද ලකුණු ලබා දීමක් සිදු කරයී.මෙහිදී ඔබගේ සේවා කාලයේ අවසාන වර්ශ දෙක සලකා බලනු ලබයී.

මෙසේ සකස් වන ලකුණු 100 යෙන් අවම වශයෙන් ලකුණු 70ව සම්පූර්ණ කිරීම හරහා ඔබට E7 – 4 වීසා කාණ්ඩය සදහා ඉතා ඉක්මනින් ගමන් කල හැකිය.

02 E7-4 වීසා කාණ්ඩය

E7-4 වීසා කාණ්ඩය ලැබීමෙන් ඔබට ලැබෙන අමතර වරප්‍රසාද 👇

01 ) ඔබගේ බිරිද කොරියානු දේශයට ගෙන්වා ගැනීමට වීසා ලැබීම.
02 ) ඔබේ ජිවිත කාලය පුරාවටම වසරක් පාසා විසා අලුත් කල හැකි වීම.
03 ) ඉතා ඉක්මනින් වෙනත් වීසා වර්ගයකට යෑමට සුදුස්සකු වීම.
04 ) දෙමවුපියන්ට කොරියාවේ සංචාරයක් ලබාදිය හැකිවීම.
05 ) පවුලක් ලෙස දරුවන් බිහි කරමින් ජිවත් වීමට වටපිටාව සකස් වීම.

කෙසේ වෙතත් මෙහිදී ඔබේ බිරිදට හෝ දෙමවුපියන්ට කිසිදු අවස්ථාවක රැකියාවක් සදහා යොමු විය නොහැකිය.

මෙම වීසා කාණ්ඩය යටතේ සිට F2 / F2R වීසා කාණ්ඩය වෙත මාරූ වීමට ඔබ සැපරිය යුතු සුදුසුකම්

I අවුරුදු 5ක කාල සීමාවක් E7 -4 ශ්‍රමිකයකු ලෙස කොරියාවේ ආයතනයක සේවය කර තිබීම ඉන් එක් සුදුසුකමකි.

II ජනගහනය දුලබ ප්‍රදේශ වල අවම අවුරුදු 5ක් රැකියාවේ යෙදී ඇත්නම් එය සුවිශේෂී සුදුසුකමකි( මෙය F2R නම් වූ නව වීසා ලබා දීමේ වැඩපිලිවෙල හා සම්බන්දව බලපානු ලැබේ)

III ඔබගේ උපාධිය සහතිකය සදහාද විශේෂ සුදුසුකමක් ලෙස ලකුණු ලබා දෙනු ලැබේ.

03 F2 වීසා කාණ්ඩය

F2 වීසා කාණ්ඩය ලැබීමෙන් ඔබට ලැබෙන අමතර වරප්‍රසාද 👇

I ඔබගේ බිරිදට හෝ ලගම පවුලේ නෑදෑ සම්බන්දතා සහිත අයට කොරියාවේ සිටින කාලයේදී part time සහ තෝරාගත් රැකියා අවස්තා සදහා සහභාගි වීමට අවස්තාව ලැබේ.

II ලගම පවුලේ නෑදෑ පිරිස් සදහා මාස 3ක් වැනි කාල සීමාවකට විසිට් වීසා ලබා ගත හැකි වීම.

III කොරියාවේදී උපත ලබා දෙන දරුවන්ට කොරියානු පුරවැසිකම ඉල්ලුම් කිරීමේ අවස්තාව ලබීම.

IV මෙහිදී ඔබට වෘත්තිය රකියාවක් සදහා යොමු වීමට මාර්ගය උදා වේ.

මෙම වීසා කාණ්ඩය යටතේ සිට F5 වීසා කාණ්ඩය වෙත මාරූ වීමට ඔබ සැපරිය යුතු සුදුසුකම්.

I අවුරුදු 10 ඉක්මවූ කාලයක් කොරියාවේ සේවයේ නියුක්තිකයකු වී සිටීම එක් සුදුසුකමකි.

II මේ සදහා පවත්වනු ලබන සුවිශේෂී විභාගය අනිවාර්යයෙන් සමත් විය යුතුය.එසේ නොමැති නම් Topik හෝ Emigration exam යන විභාගයන් වල 6 වැනි මට්ටම දක්වා සමත් විම තුලින් මෙම සුවිශේෂී විභාගය මගහැර F5 ඉල්ලුම් කල හැක.

III ඔබ සම්බන්ද අපරාධ වාර්ථා සුපැහැදිලි හා පිරිසිදු වියා යුතුය.

04 F5 වීසා කාණ්ඩය (ස්තීර පදිංචිය)

මෙම වීසා කාණ්ඩය යටතේ කොරියානු පුරවැසියෙකු සතු වරප්‍රසාද බොහොමයක් ඔබටත් භුක්ති විදින්න පුලුවන්.
ජන්ද අයිතියද මේ සමගම ඔබට ලැබෙන අතර ජනාධිපතිවරණය වැනි සුවිශේෂී ජන්ද වලදී පමනක් ඔබේ ජන්දය නොසලකා හරිනවා.

එමෙන්ම ඔබට අවුරුදු 10ක කාලසීමාවක් මෙම වීසා කාණ්ඩය යටතේ වෙනත් රටක රැදී සිටීමට අවසරයද ලබෙනවා.එනම් අවුරුදු 10ක් වෙනත් රටක රැදී සිට නැවත කොරියාවට මෙම වීසා කාණ්ඩය යටතේම පැමිනෙන්නත් ඔබට පුලුවන්.

එමෙන්ම ඔබට කොරියාව තුලදී වෘතීමය සුදුසුකම් සහිත රැකියා සදහා ඉල්ලුම් කිරීමටද අවස්තාව ලබෙනවා.

05 සිටිසන් (පුරවැසි භාවය)

මෙහිදී කොරියානු පුරවැසිභාවය ලබා දෙනු ලබන අතර ඉන්පසුව කොරියානු ජාතිකයෙකුට හිමි සියලු වරප්‍රසාද ඔබටද හිමි වෙනවා.

එහෙත් පහත හේතුන් මත කොරියානු පුරවැසි භාවය ලබා ගැනීමට වෙනත් ජාතිකයන්ට අවම අවස්තාවක් ලැබී තියෙනවා.

01 කොරියානු ජනරජයේ දැඩි සංක්‍රමණික නීති සහ රෙගුලාසි.

02 කොරියාවේ ද්විත්ව පුරවැසි භාවය නීතියෙන් තහනම් නිසා වෙනත් රකට පුරවැසියන් කොරියානු පුරවැසි භාවය වෙනුවෙන් තම මවු රටේ පුරවැසි භාවය අත් හැරීමට ඇති අකමැත්ත.

03 F2 වීසා කාණ්ඩය යටතේ පුරවැසි භාවයට සමාන වරප්‍රසාද හිමි වන බැවින් බොහෝ අය පුරවැසි භාවය ගැන තැකීමක් නොකිරීම.

ඉතින් ඔයාල හැමෝම දැන් පැහැදිලිව දන්නවා E9 වීසා කාණ්ඩයේ ඉදලා කොරියාවේ පුරවැසි භාවය දක්වා ඔබේ ගමන් මග සකස් කරගන්නෙ කොහෙද කියලා.

කොහොමත් 2030 වගේ වෙද්දි ස්තීර පදිංචිය සදහා ලොව හොදම ගමනාන්තයක් ලෙස පෙරමුනට එන්න දකුණු කොරියාව සමත් වේවි.

ඒ වගෙම කොරියාවේ ජනගහනය අවම මට්ටමකට ඉදිරියේදී පැමිනෙන්න නියමිතයී.ඒකට හේතුව ජනගහන වර්ධන වේගය ඉතා සුලු වීම.
එතකොට අනාගතයේදී දැනට තියන ඔය සංක්‍රමණික නීති රෙගුලාසි තව ගොඩාක් ලිහිල් වෙයී.

අතට දැනෙන අදායමක් එක්ක අවම වියදමක් දරන්න වෙන නිසාත්, ජීවත් වීමට වඩා හිතකර ආර්ථික ,දේශපාලනික මෙන්ම සමාජියා සාධක පවතින නිසාත් ලොකයේ අනෙකුත් දියුනු රටවල් අභිබවා ඉදිරියට ඒන්න කොරියාවට තව සුලු කාලෙකින් හැකි වේවි.

ඒ වෙද්දි ඔයා කොරියාවේ ඉහල විසා කාණ්ඩයක රැදී සිටීමට සූදානම් වෙන්න කියලයී අපි ඔබෙන් ඉල්ලන්නෙ.

සරලව කීවොත් කැනඩාව , ඕස්ට්‍රේලියාව මෙන්ම යුරෝපයේ ජීවත් වනවාට වඩා සැප පහසු මෙන්න අවධනම අඩු ජීවන ක්‍රමයක් කොරියාවෙන් ඔබට ලාබා ගන්න පුලුවන් 🤗

Send Your Request

Tnf.a b,a,Su id¾:lj wm fj; ,enqKs

Tnf.a b,a,Su id¾:lj wmg ,enqkq w;r wm ksfhdað;fhla blaukskau Tnj iïnkao lr.kq we; tfiau Tn wfmka b,a,d isá meflahch Tn fj; tùug wm lghq;= lrkafkuq Tng m%Yakhla we;akï fuu 0703546300 0773037229 wmj iïnkao lr.; yel